බුකර් සම්මනය ගත්ත පොත මගේ… ෂෙහාන් කරුණාතිලක ඒක මගෙන් හොරකම් කළා… මාධ්‍යවේදී  රාජ්පාල් අබේනාකය චෝදනා කරයි…

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ කෘතිය, තමාගෙන් සොරාගත් කතාවක් ඇසුරෙන් ගොඩනඟන ලද්දක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක   චෝදනා එල්ල කරයි.

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඔහු පවසා සිටියේ සිය කෘතිය සොරකම් කර බුකර් සම්මානවලට දමා, මුදල් හම්බ කිරීමට කිසිදු අයිතියක් ෂෙහාන් කරුණාතිලකට  නොමැති බවයි.

රාජ්පාල් අබේනායක

සිය කතාව, තවමත් කෘතියක් ලෙසට ප්‍රකාශයට පත් කර නොමැති අතර 2011 වසරේදී තමාගේ කතාවට ප්‍රකාශකයෙකු සොයා දෙන්න යැයි ඉල්ලමින් ෂෙහාන් කරුණාතිලකට කතාව ඊමේල් මාර්ගයෙන් යැවූ බව රාජ්පාල් මෙහිදී  පැවසීය.

තමා ඔහුට යැවූ කතාව කියවූ බවටත්, සිය කතාව සොරකම් කළ බවටත් ඔප්පු කළ හැකි නමුත් ඒ කෙසේදැයි හෙලිදරව් කිරීමට ඔහු අකැමැති විය.


“මම ලියපු කතාව මම තව විචාරකයින්ට දුන්නම එයාලා කියවලා කිව්වා මේක හොඳ කතාවක් පබ්ලිෂ් කරන්න කියලා. ඊට පස්සෙයි මම ෂෙහාන්ට කතාව යැව්වේ.. එතකොට මම හිතුවේ නෑ මේ මනුස්සයා අමු හොරෙක් කියලා..”

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය ලබා ගත් අවස්ථාව…

මේ කෘතියේ මූලික සැකිල්ල සිය කතාවම බවත්, කතා දෙක එකට තබා බලන විට එය තමාගෙම කතාව බව කියවන අය අනිවාර්යෙන්ම පවසන බවත් ඔහු අවධාරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ෂෙහාන් හා අදහස් හුවමාරු කර නොගත් අතර ඉදිරියේදී ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය.

“මම මේ ගමන නවත්තන්නේ නෑ.. මොකද කොපිරයිට්වලට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ. පොතේ වෙන අයට ඇක්නොලේජ්මන්ට් කරලා තියෙනවා. ඒත් මට නෑ.. මගෙන් අහලා මේක ඇක්නොලේජ් කළා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. දැන් වුණත් පුළුවන් ප්‍රකාශකයට ඒ දේ කරන්න. ඔවුන්ට පුළුවන් පොත ආපහු පොත්හල්වලින් ගෙන්නන්න. ඉන් පස්සේ අලුතින් මුද්‍රණය කරලා පොතේ ඇක්නොලේජ්මන්ට් එකක් දාන්න.  නැත්නම් පොත සම්පූර්ණයෙන්ම කැන්සල් කරන්න පුළුවන්…”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘මේ චෝදනාව නිසිලෙස ඔප්පු වුණොත් බුකර් සම්මානය ලාංකිකයෙකුගෙන් ගැලවුණත් මේ ගමන නවත්තන්නේ නැත්දැයි චමුදිත ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version