දිනසේන රතුගමගේ –
යාපනය ශීක්ෂණ රෝහලේදී දරුවකු ප්‍රසූත කොට එම දරුවා රෝහලේ දමා පලා ගිය වයස අවුරුදු පහලොවක ළමා මවත් ඊට අනුබල දුන් දැරියගේ මවත් දැරිය ගැබිණියක් බවට පත් කළ තරුණයාත් නෙල්ලිඅඩි පොලීසිය විසින් ඊයේ ( 15 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පාසල් දැරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වීමේදී ඇගේ නම ගම ලිපිනය ආදී වශයෙන් රෝහලට ලබා දී තිබූ සියලුම තොරතුරු ව්‍යාජ ඒවා බව දැරිය බිහි කළ දරුවා රෝහලේ දමා පලා යාමෙන් පසුව පොලීසිය කළ විමර්ශන වලදී හෙළි වී තිබු ණි.
වඩමරච්චි ප්‍රදේශයේ ලිපිනයක් ලබා දී තිබූ නිසා පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළත් එවැනි ලිපිනයක පදිංචි පිරිසක් නොමැති බව අනාවරණය වී තිබේ.
පසුව නෙල්ලිඅඩි පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය නිවසක් පරීක්ෂා කිරීමේදී දරුවා බිහි කළ දැරියත් ඇගේ මවත් එම නිවසේ සැගවී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දැරියගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ මල්ලාවී ප්‍රදේශයේ විසිපස් හැවිරිදි තරුණයෙකු සමග තමන් පාසල් යන අතරවාරයේ ප්‍රේම සබදතවයක් පවත්වා ගෙන ගිය බවයි.
පාසල් නොයන දිනවලදී එම තරුණයා සමග විවිධ ප්‍රදේශවලට යමින් ඔහු සමග අඹු සැමියන් වශයෙන් හැසිරුණු බවත් පසුව ඇයට දරු ගැබක් හට ගත් නිසා පාසල් නොගිය බවත් ඇය පොලිසියට පවසා තිබේ.
ඒ අනුව බලවයස් කාර දැරියක් ලිංගික කටයුතු වලට යොදා ගැනීමත් අඩු වයස් දරියක් මවක් බවට පත් කිරීමත් යන චෝදනාවන් යටතේ තරුණයා ද අත් අඩංගුවට ගෙන තිබේ.
දරුවා බිහි කළ දැරියත් අයට වංචාවන් රැසක් සිදු කිරීමට අනුබල දුන් ඇගේ මවත් දැරිය ගැබිනියක් කළ තරුණයාත් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අච්චුවේලී පොලීසිය පියවර ගෙන ඇත.