බිම්ස්ටෙක් සමුළුව අද ඇරඹෙයි!

බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාවය සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සමුළුව හෙවත්  බිම්ස්ටෙක් සමුළුව පස්වන වරටත්  අද (28) කොළඹදී ආරම්භ  වේ. සමුළුව මාර්තු 30 දක්වා පැවැත්වේ.

සමුළුව අතරතුර සාමාජික රටවල නායකයින් බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතය.

අද සහ හෙට පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන්  සහභාගී වනු ඇත. මියන්මාර විදේශ ඇමතිවරයා අන්තර්ජාලය ඔස්සේ අවස්ථාවට එක් වීමට නියමිතය.


බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ   සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේ මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සමුළුවට සහභාගි වීම සඳහා බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල්   සෙනසුරාදා දිවයිනට පැමිණියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ද ඊයේ පස්වරුවේ දිවයිනට ආවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය විදේශ ඇමතිවරයා රැඳී සිටින කාලය තුළ බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට අමතරව,  ළ පාර්ශව ගණනාවක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Exit mobile version