බිම්බෝම්බ ඉවත් කළ බවට සහතික කළ ප්‍රදේශවල පුපුරණ ද්‍රව්‍ය හමුවීම නිසා ජීවිත අවදානමක…

දිනසේන රතුගමගේ –

බිම්බෝම්බ ඉවත් කළ බවට සහතික ලබා දීමෙන් පසුව වැසියන් යළි පදිංචි වූ ඉඩම් වල තිබී බෝම්බ මෝටාර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හමු වීම එම වැසියන්ගේ ජීවිත වලට දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ.

යුද්ධයෙන් පසුව බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශ වල තිබී හමු වූ එවැනි පුපුරණ ද්‍රව්‍ය හදිසියේ පුපුරා යාම නිසා ගත වූ වසර හතක කාලය  ඇතුළත පුද්ගලයින් තුන් දෙනෙකු මරුමුවට පත් වී අට දෙනෙකු තුවාල ලබා තිබේ.

යාපනයේ පලාලී අන්රානීපුරම් ප්‍රදේශයේද ගෙවත්තක තිබී ජීව මෝටාර් උණ්ඩ දෙකක් 22 දා සවස පොලිස් විශේෂ කාර්ය බලකය හා  වඩුක්කෝඩෙයි පොලීසිය විසින් සොයා ගෙන තිබේ.


ඉඩමේ අයිතිකරු සිය ඉඩම සුද්ධ පවිත්‍ර කිරීමේදී මෙම  මෝටාර් උණ්ඩ මතු වීමෙන් පසුව ඒ බව පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ ඒවා ගොඩ ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version