බිත්තර ලොකු ලූණු මිල වැඩි වුවත් කෙටි කෑම මිල වැඩි කරන්නේ නෑ… බේකරි හිමියන්ගෙන් සහතිකයක්!

කීර්ති ප්‍රනාන්ද –

ලොකු ලුණු සහ බිත්තර මිල ඉහළ ගියත් මාළු බනිස් සහ බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල වැඩි නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි .

ලුණු සහ බිත්තර මිල ඉහළ යාම බේකරි හිමියන්ට දරා ගත නොහැකි වුවත් දැනට මාළු බනිස්, බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ග වල මිල උපරිමය දක්වා වැඩිකර ඇති බැවින් තවදුරටත් ඒවායේ මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ඔහු පැවසීය .

මේ වන විට සියයට 50% වඩා ලොකු ලුණු සහ බිත්තර භාවිතා කරන්නේ බේකරි සහ හෝටල් බව පෙන්වා දෙන ජයවර්ධන   විශාල වශයෙන් ලූණු සහ බිත්තර මිල ඉහළ ගොස් තියෙන මේ අවස්ථාවේ රජය මැදිහත් වී ලුණු සහ බිත්තර මිල අඩු කිරීමට පියවර ගත යුතු බව කියා සිටියේය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද කුඩා බේකරි හිමියන් කර්මාන්තය පවත්වාගෙන යන්නේ බොහෝ අසීරුතා හා ගැටලු මධ්‍යයේ බවත් ලොකු ලූණු සහ බිත්තර මිල ඉහළ ගොස් තියෙන මේ අවස්ථාවේ බේකරි කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යනවා ද ?නැද්ද? යන තීරණය බේකරි හිමියන් සතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය


Exit mobile version