බැසිල් විමල්ලා සමඟ අගමැතිකම ගැන කතා කරයි !

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් රැසක් සාකච්ඡාව මඟ හරිති

යෝජිත අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ  අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට වෙනස් කෙනකු අගමැති ලෙස පත් කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා කටයුතු සූදානම් කර  ගන්නා ලෙසත්  හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන වූ කණ්ඩායම් නියෝජිතයන් වෙත දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ඔවුන් වෙත දැනුම් දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  ජනාධිපති මන්දිරයේදී මේ පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදීය. යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව පැවැති මෙම සාකච්ඡාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයින් රැසක් වර්ජනය කර ඇති බව ද  වාර්තා වේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගීවී ඇති අතර පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, සී.බී රත්නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්දුල ගුණවර්ධන ඇතුළු මෙම ජ්‍යෙෂ්ඨයන් රැසක්ම සහභාගීවී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවේදී යෝජිත සර්ව පාක්ෂිත අන්තර්වාර ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින කණ්ඩායමට අවශ්‍ය අමාත්‍ය ධුර මොනවාද යන්න පිළිබඳවද අමාත්‍ය මණ්ඩල සංයුතිය කෙසේ විය යුතුද යන්න පිළිබඳව යෝජනාද ඉදිරිපත් කරන්නැයි දැනුම් දී ඇති බවද සඳහන් වේ.   අර්බුදය ආරම්භ වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාට දැඩි විරෝධයක් එල්ල කළ විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන සාකච්ඡාවකට සම්බන්ධ වූ පළමු සාකච්ඡාව ලෙසද සැලකේ.


Exit mobile version