බැසිල් ලබන 04 නෙළුම් මාවතෙන් යලි වැඩ අරඹයි…

ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පොහොට්ටුව ග්‍රාමීය මට්ටමින් ප්‍රතිසංවිධාන සැලසුමක්... ජොනී - සනත් නිශාන්ත  වැඩේ ඉදිරියෙන්ම....

පසුගිය දා ඇතිවු කළහකාරී සිද්ධියෙන් පසු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ජනතාව අතරට යෑමට බැරිව සිටි බැසිල් රාජපක්ෂ ලබන 04 වැනිදා සිට නව දේශපාල පෙරළියක් සඳහා වන සටන නෙළුම් මාවතෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

රට පුරා සිටින පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවලට අයත්  සභිකයින් කොළඹට කැඳවා ඔවුන් මතවාදීව සන්නද්ධ කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි පළමු පියවර ලෙස මහර ආසනයේ සියලු පළාත් පාලන ආයතනවල සාමාජිකයින් පක්ෂ කාර්යාලයට කැඳවා ඇත.

ඉදිරියේ දී පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ග්‍රාමීය මට්ටමේ සිට බලගැන්වෙන අතර මෙම වැඩපිළි‍වෙළ බලගැන්වීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු පියල් නිශාන්ත ඇතුළු හිටපු ඇමතිවරු පිරිසකගේ පූර්ණ සහයෝගය ලැබී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ සියලු පළාත්පාලන ආයතනවල කරන දැනුම්වත් කිරීම්වලින් පසු  මැතිවරණ කොට්ඨාස හා දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කිරීමෙන් ඒවා යළි බල ගැන්වීමේ කටයුතු ඇරඹීමට සැලසුම් කර ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.


Exit mobile version