බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් හා  එම පෙරමුණට අනුබද්ධිත සංවිධානවල  නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්  බත්තර මුල්ල නෙළුම්මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී අද දහවල් පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති මෙන්ම පළාත් පාලන සංසදයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට  ආරාධනා ලැබ ඇත.

හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් කැඳවා ඇති මෙම හමුවේ දී ඉදිරියේ පොදුජන පෙරමුණ අනුගමනය කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙළ හා එහි සැලසුම මෙන්ම වත්මන් අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර සාකච්ඡා කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම රටේ උද්ගතව තිබෙන වත්මන් සමාජ ආර්ථික හා දේශපාල ගැටලු,     ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සූදානම් බව ද  ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.


Exit mobile version