බැසිල්ගේ සැලසුම  විසිවෙයි… ජනාධිපතිවරණයකට සූදානම්වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි…

Basil-Ranil

පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණය ද ජනාධිපතිවරණය ද යන කථිකාවට තිත තබමින් පළමුව ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (18) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව වාර්තා වේ.

එබැවින් පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් ඒ අනුව කටයුතු සම්පාදනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.


 

Exit mobile version