බැඳුම්කර හොරුන්ට දඬුවම් කරන්න රජයේ ඍජු මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන්න…

කෙහෙළිය කැබිනට් තින්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියයි...

පසුගිය රජය සමයේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව රජයක් ලෙස මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන ලෙස කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මංගල කැබිනට් හමුවේ තීන්දු දැනුම් දීම සඳහා අද (19) පවත්වන ලද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දි පැවසුවේය.

මහබැංකු හොරුන් අත්අඩංගුවට ගන්නට  නව රජයට ඇති සැලසුම කුමක් දැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැණයට පිළිතුර දෙමින් කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේය.

ඔහු කීවේ රජයක් හැටියට  තමන් සිදු කරන්නේ මේ ගැටලුව විසඳමට වගකීම් සහිත නීතිය හා සාමය, රජයේ අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන  වෙත අවශ්‍ය පහසුකම්  සපයා ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තමන්ට මේ කටයුත්ත ඉටු කර ගැනීමට ඇති අවශ්‍යතාවය ඔවුන්ට ඉදිරිපත් කිරීම පමණක් බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ආයතන බැඳුම්කර වංචාව සම්බන්ධව කටයුතු කිරීමට ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version