බැඳුම්කර සිද්ධියේ ප්‍රකාශ ගන්න රනිල්ගෙන් මෛත්‍රීගෙන් සී.අයි.ඩි.ය දින ඉල්ලයි

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ලබන 22 දා ඇරඹෙන සතියේ දිනයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ බලන සතියේ තම නිවෙස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ බලා දීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය රජය යටතේ සිදු වූ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ආර් පාස්කරලිංගම් සහ මහබැකුවේ හිටපු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාරගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කරන ලද නියෝග අනුව මෙසේ ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.


Exit mobile version