බැඳුම්කර නඩුවේ රවි ඇතුළු 10ක් චෝදනා 11කින් නිදහස්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්‌ සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල්‌ බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන්‌ සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින්‌ ගොනු කර ඇති චෝදනා 22 ක්‌ අතුරින්‌ චෝදනා 11කට හිටපු මුදල්‌ අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්‌ දස දෙනෙකු නිදහස්‌ කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

අමල්‌ රණරාජා, නාමල්‌ බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය ලබා දී ඇත.

මෙම නඩුවට අදාළ මූලික විරෝධතාවක්‌ මතු කළ විත්තිය වෙනුවෙන්‌ පෙනී සිටි නීතිඥවරු මෙම චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත්‌, ඒ අනුව මෙම චෝදනා වලින්‌ විත්තිකරුවන්‌ නිදහස්‌ කරන ලෙසත්‌ මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම්‌ කර තිබුණි.


එම මූලික විරෝධතා සම්බන්ධයෙන්‌ තීන්දුව අද ප්‍රකාශයට පත්‌ කරමින්‌ ත්‍රිපුද්ගල
විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන්‌ කළේ, විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින්‌ චෝදනා 11 ක්‌ පවත්වාගෙන
යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින්‌ විත්තිකරුවන්‌ නිදහස්‌ කරන බවද විනිසුරුවරයා සඳහන්‌ කර ඇත.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන්‌ පෙනී සිටි අතිරේක සොලිසිටර්‌ ජෙනරාල්‌ ප්‍රියන්ත නාවාන ඉල්ලා සිටියේ අධිකරණය තීන්දුවට අනුව විත්තිකරුවන්ට එරෙහිව
ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත්‌ කරගන්නවා ද? එසේත්‌ නැතිනම්‌ විකල්ප නීතිමය ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය කරනවාද යන්න
තීරණය කිරීම සඳහා දිනයක්‌ ලබා දෙන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව නඩුව ලබන වසරේ ජනවාරි මස 26 වනදා යලි කැඳවීමට අධිකරණය නියම කළා.

Exit mobile version