බැංකුවල ඩොලර් මහ බැංකුවට ගන්න අධිපතිගෙන් නියෝගයක්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට සියලුම බැංකු වෙත එන ඩොලර්වලින් සියයට 25ක් සෑම සතියක් පාසාම ශ්‍රි ලංකා මහ බැංකුව වෙත විකිණිය  යුතු බවට ශ්‍රි ලංකා මහ බැංකුව ඊයේ (28) සියලුම බැංකු වෙත නියෝග කර තිබේ.

පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ මෙලෙස රුපියල්වලට හුවමාරු කිරීම සඳහා බැංකුවලට එන සියලුම විදේශ මුදල් පරිවර්තන අගය ඩොලර් අනුපාතයට හරහා මෙම ගෙවීම් කළ යුතු බව මහ බැංකු අධිපති අජිත නිවාඩ් කබ්රාල්   විසින් මෙම නියෝගය සිදු කරනු ලැබ ඇත.

මහ බැංකු අධිපතිවරයා විසින් යොදන ලද නියෝගයට අනුව විදේශ ගත ශ්‍රි ලංකික ශ්‍රමිකයන් විසින් විවිධ මුදල් ඒකක හරහා රුපියල්වලට පරිවර්තනය කරන ලද මුදල් ඩොලර්වලට පරිවර්තනය කිරීමෙන් ලැබෙන අගය , අපනයනකරුවන් සඳහා මේ වනවිට රුපියල්වලට පරිවර්තනය කිරීමට අනිවාර්ය කොට ඇති ඩොලර්, මහජනතාව සතුව තිබි රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා බැංකුවලට දෙනු ලබන ඩෙලර් වලින්   සතිපතා මහ බැංකුව වෙත විකිණිය යුතු බවට මෙම නියෝගයේ සඳහන්ය.   


 

Exit mobile version