බාස්මති කන අය පරෙස්සමෙන්.! – දිග සහල්, බාස්මතී කරන පිල්ලියක්

පිටකොටුව ප්‍රදේශයේ ඇතැම් වෙළෙඳුන් විසින් සුදු (දිග) සහල්, බාස්මති සහල් ලෙස අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.

විදේශ රටවල සිට ලංකාවට තොග වශයෙන් සහල් ආනයනය කළ ඇතැම් ආයතන කිහිපයක් විසින් මෙය සිදු කරන බවට තවදුරටත් තොරතුරු ලැබී ඇත.

ඒ අනූව කණ්ඩායම් 04ක් යොදවා පිටකොටුව ප්‍රදේශයේ සහල් අලෙවි කරන ආයතනවලින් අදාළ සහල්වල සාම්පල ලබා ගැනීමට කටයුතු කරනු ලැබූ අතර, සහල් ආනයනය කිරීමට යෙදා ගත් ලිය කියවිලි ද පරීක්ෂා කළ අතර ඇතැම් ආනයනකරුවන් විසින් ආනයනය කළ සහල් බාස්මති බවට තහවුරු කිරීමට ද අපොහොසත් වී ඇත.


ලබා ගත් සියලු සහල් සාම්පල, බාස්මති වන බවට හෝ නොවන බවට තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂාගාර වෙත යොමු කර ඇති අතර ලැබෙන වාර්තාවට අනූව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම, පරීක්ෂණාගාර වාර්තාව ලැබෙන තුරු, ආනයනය කළ සහල් බාස්මති සහල් බවට තහවුරු කිරීමට අපොහොසත් වූ ආනයනකරුවන් සතු සහල් තොග විකිණීම තාවකාලිකව නතර කරන ලෙස දන්වා ඇත.

Exit mobile version