බාලගිරි වැළඳුන මැතිවරණය ගැන මැකෝ අගමැතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම  මතු වන  ගැටලු  පිළිබඳ  සාකච්ඡා කිරීමට   අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම වශයෙන් තමන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.  .

දිගින් දිගටම මැතිවරණය  කල් යෑම හේතුවෙන් මේ වනවිට  පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවකයින්ගේ වැටුප සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය සම්බන්ධව මේ හමුවේ දී  ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන බවද  සභාපතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව  සාකච්ඡාවකට කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

Exit mobile version