බ්‍රිතාන්‍ය මුහුණ ආවරණ පැළඳීම ජුලි 19 වැනිදා සිට ඉවත්කිරීමට සැරසේ

එළැබෙන 19 වැනිදා සිට බ්‍රිතාන්‍ය තුල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකිරීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි.

ඒ අනුව ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම හුදෙක් පුද්ගලික කැමැත්ත මත පමණක් තීරණය වන බවද එරට නිවාස, මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය රොබර්ට් ජෙන්රික් ප්‍රකාශකර තිබේ.

බි්‍රතාන්‍ය තුල දැනට පනවා ඇති සංචරණ සීමා එළැඹෙන 19 වැනිදා සිට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද ජෙන්රික් ප්‍රකාශකර ඇත.


මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට ප්‍රකාශ කළ පසු ඔබ තවදුරටත් මුහුණු ආවරණ පැලදීම සිදුකරනවාදැයි අමාත්‍යවරයාගෙන් විමසා ඇත.

එහිදී ඔහු ප්‍රකාශකර ඇත්තේ “මම පැළඳීම නවත්වනවා. මම ප්‍රායෝගිකව මුහුණු ආවරණයක් පැළදීම කැමති නැහැ. මම හිතනවා බොහොමයක් දෙනා දරන්නෙ මම දරණ මතයට සමාන මතයක් කියලා.” යනුවෙනි.

බි්‍රතාන්‍ය රජය සිය සංචරණ සීමා ජුනි මාසයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු වුවත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟ එය ජුනි 19 වැනිදා දක්වා කල්දැමීමට සිදුවිය.

කෙසේ වෙතත් ජූලි 19 වැනිදා සංචරන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවීණයින් සහ විද්‍යාඥයින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඔවුන් පෙන්වාදෙන අන්දම පූර්ණ එන්නත්කරනය නොකළ විශාල පිරිසක් තවමත් සිටින බැවින් මෙම සංචරණ සීමා ඉවත් කිරීම යම් අයහපත් බලපෑම් එල්ල කිරීමට හැකියාව පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බි්‍රතාන්‍ය රජය මේවන විටත් සංචරණ සීමා රැසක් ලිහිල් කර ඇති අතර සංචරණ සීමා පූරණ වශයෙන් ඉවත්කිරීම පිළිබඳ නවතම තතත්ත්වය බි්‍රතන්‍ය අග්‍රාමත්‍යවරයා මේ සතියේදී නිවේදනය කිරීමට නියමිතය.

Exit mobile version