“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට ගන්නැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ගිනිතබා විනාශ කළ බස්රථවලට වන්දි ලබා ගැනීමට නොහැකි බැවින්  බස්රථ විනාශ කළ පුද්ගලයින් නීතියෙන් වරදකරුවන් වූ පසුව සිවිල් නඩු පවරා ඔවුන්ගෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරන බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න   සඳහන් කරයි.

බස්රථ රක්ෂණය කර තිබුණද හානියට පත් වූ පසුව පූර්ණ වන්දියක් ලබා ගත නොහැකි බව හෙතෙම පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රතිසංස්කරණය කරන ලද බස්රථ කීපයක් හෝ ආණ්ඩුව මැදිහත්ව ලබා ගැනීමට අදහස් කරන බවද එසේ නොවුවහොත් ගිනිතැබූ බස්රථ හිමියන්ගේ පවුල් ජීවිත දැඩි අසරණ තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇති බවද  ගැමුණු විජේරත්න අවධාරණය කළේය


 

Exit mobile version