බස්නාහිර,  වයඹ 100%යි..  රටම කොවිඩ් ඩෙල්ටාවට ගොදුරු වී ඇති හැටි ආචාර්ය ජීවන්දර කියයි…

ආසාදිතයින්ගෙන් 95.8%ක් ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්

තුෂාරි කළුබෝවිල –

ශ්‍රී ලංකාවේ  කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 95.8%ක් ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය සිදු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‍ෛ

එම ආයතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ   හා ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර   ප්‍රධාන පර්යේෂණ කණ්ඩායම විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ ආචර්ය චන්දිම ජීවන්දර මෙසේ පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම පරික්ෂණය සඳහා දිස්ත්‍රික්කයේ 8කින් නියැදි 881ක් අපට ලැබුණා. එයින් ප්‍රභේද පරික්ෂණය සඳහා නියැදි 618ක්  යොදා ගත්තා. ඒ අනුව බස්නාහිර පළාතේ නියැදි 130න් 130 ම ඩෙල්ටා ප්‍රභේදය යි. සබරගමුව පළාතේ නියැදි 87න් 81ක්, උතුරු මැද නියැදි 60න් 59ක්, වයඹ පළාතේ නියැදි 22න් 22ක්, නැගෙනහිර පළාතේ නියැදි 100න් 94ක්, උතුරු පළාතේ නියැදි 123න් 113ක්, දකුණු පළාතේ නියැදි 64න් 63ක්, මධ්‍යම පළාතේ නියැදි 29න් 27ක්, ඩෙල්ටා ප්‍රභේදය බව තහවුරු වුණා. මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලින් අපට නියැදි ලැබුණේ නෑ.”

Exit mobile version