බස්නාහිර පළාත තුළ පාතාල කල්ලි 25ක්… සාමාජිකයන් 380ක්…

බස්නාහිර පාළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි...

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකවන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනාවරණය කළේය.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක අපරාධ රැලල් මැඩලීම සම්බන්ධව ඉදිරියේදී අනුගමනය කළ යුතු සැලසුම් හා ක්‍රමවේදයන් පිළිබඳව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (29) කොළඹ දී පැවති වැඩමුලුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අපරාධ කල්ලි 25න් 22ක් ඉතා ක්‍රියාශීලී මට්ටමේ පසුවන බවත් දැනට ක්‍රියශීලීව නැත්තේ කණ්ඩායම් තුනක් පමණක් බවත් ඔහු අනාවරණය කළේය. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කල්ලි 25 සාමාජිකයන් 380ක් සිටින බවත් ඉන් 346ක් ඉතා ක්‍රියාශීලිව සිටින බවත් හඳුනාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.


මේ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මර්ධනය කර ඔවුන්ව නීතියේ රැහැනට හසු කරගැනීම සඳහා මේ වනවිට විවිධ උපායන් හා සැලසුම් යොදා තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ රටවලට පැන ගොස් සිටින අපරාධ කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන් 25ක් සිටින බවත් ඔවුන්ගෙන් 19ක් සඳහා අධිකරණය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් ඔහු පැවසීය.

Exit mobile version