බවුසර 20කටවත්  පුරවන්න පෙට්‍රල් නෑ ! ඩීසලුත්  දවස් කිහිපයකට පමණයි!

බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින 92 පෙටුල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති බවත් එය  බවුසර 20කටවත් පුමාණවත් නොවන   බවත් ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය. සාමාන්‍ය දෛනික  අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල සිදු කරන ලද සීමා කිරීම් සමඟ දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3200ක් පමණ සැපයුමක් සිදු කළ ද මෙම තත්ත්වය තුළ ඉදිරියේදි පෙට්‍රල් සැපයුම දැඩි ලෙස සිමා කිරීමට සිදුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000ක  ලීටර 122,000ක් පමණ පවතින  අතර සාමාන්‍යෙයන් මේ දිනවල  පෙට්‍රල් ඉන්ධන හල් වෙත බෙදා හැරෙනුයේ ලීටර 6600 ධාරිතාව සහිත බවුසරවලය. මේ වනවිට පවතින  සංචිතවලින් එවැනි  බවුසර 20කට ආසන්න පුමාණයක් බෙදිය හැකි වන එම තොගයද සංචිත ලෙස රඳවා අත්‍යවශ්‍යම කටයුත්‍ර සඳහා පමණක් බෙදා හැරීමට මේ වනවිට අවධානය යොමුව ඇත.

ඊයේ පැමිණීමට තිබූ ඉන්ධන  නැවද  විදේශීය බැංකුවකින් අදාළ ණයවර ලබි මුදා හැරීම පුමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි විය.  රුසියාවේ සිට ඉන්දියාව බලා යමින් තිබූ එම නැවෙන් පෙට්‍රල් ලබා ගැනීමට නොහැකි විය. අද සවස බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය. එම තත්ත්වය තුළ මේ වනවිටත් ඛනිජතෙල් බලධාරීන් හැකි ඉක්මනින් ලබා ගැනීමට වෙහෙසෙමින් ක්‍රියා කරන  බවද සඳහන් වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බැවින් පෙටුල් සහ ඩීසල් හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම අමාත්‍යංශ ප්‍රකාශකයා ලංකාසරට පැවසීය.

Exit mobile version