බලහත්කාර ඉන්දීය ධීවරයෝ ලංකා මුහුදේ හොඳම ඉස්සන් අස්වැන්න නෙලති!

දිනසේන රතුගමගේ –

බලහත්කාරයෙන් ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී  යාපනයේ කන්කසන්තුරේ මුහුදු තීරයෙන් අල්ලා ගන්නා ලද ඉතාම දුර්ලභ වර්ගයක ඉස්සන් පිළිබදව ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෙකු සිය සතුට පල කොට තිබේ.

මෙම ඉස්සන් ඉතා විශාල ප්‍රමාණයේ ඉස්සන් වන අතර එක් ඉස්සෙකු කිලෝග්‍රෑම් 2.8 ක් පමණ බර බවත් එම වර්ගයේ ඉස්සන් කිලෝවක් ඔහු විසින් ඉන්දීය රුපියල් 10000 කට  අලෙවි කළ කළ බවත් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

ඉන්දීය ධීවරයින් ප්‍රකාශ කරන අන්දමට මෙම ඉස්සන් විශේෂය මනි සිංගින් නමින්  හඳුන්වන අතර එම ඉස්සන් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහල බැවින්  විශාල මිලකට අලෙවි කිරීමට හැකියාව තිබේ.


ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මේ දක්වා එම ඉස්සන් විශේෂය අල්ලා ගැනීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව මෙම ඉස්සන් ඉතා ගැඹුරු මුහුදේ සිටීමත් ශ්‍රී ලාංකික ධීවරයෝ බොටම් ට්‍රෝලින් ක්‍රමයට අනුව මසුන් මැරීම  සිදු නොකරණ නිසා බවත්  ඉන්දීය ධීවරයෝ වැඩි දුරටත් කියා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රවෘත්තියත්  සමගම රාමේස්වරන් ධීවරයෝ ශ්‍රී ලංකාවේ උතුරු  මුහුදේ සිටින මෙම ඉස්සන්  ඇල්ලීම සදහා විශාල උනන්දුවකින් පසු වන බවද එම වාර්තා වල සදහන් විය.

Exit mobile version