බලධාරීනි… වායු සමීකරණ කාමර තුළ කේක් කමින් තීරණ ගන්නට පෙර මේ විශාලා මහනුවරට පය තබා බලන්න…  උපුල් රෝහණ

Upul-Rohana

ආණ්ඩුවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කේක් කාලා වායුසමීකරණ කමර තුල සිට තීන්දු තීරණ නොගෙන විශාලා මහනුවර වී ඇති මේ පොළොවට පය තියා ඇවිද මේ මිනිසුන් විඳින වේදනාව දුක දෑසීන් දකින ලෙස  යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ  සදහන් කරයි.

මේ වන විට සංචරණ සීමා පනවා ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කළද අලුතින් කිසිදු සංචරණ සිමාවක් පනවා නොමැති බව පැවති සංචරණ සීමාවන්ම නැවත ක්‍රියාත්මක කිරිමට පටන් ගෙන ඇති බවත් ඔහු පෙන්වාදේ.. 

මේ මොහොත ඉතාමත් බැරෑරුම් සහ භයානක බවත්  ලබන සදුදා දිනයේ සිට සියලුම දෙනා එකතුවී  සංචරණ සීමා පනවා ගනිමින් තම  තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති  බවත් උපුල් රෝහණ   සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට දෛනික කොවිඩ් මරණ 150 සීමාව ඉක්මවා යමින් පවතින අතර ඉදිරි දිනවලදී මෙම සීමාවන් තව තවත් වැඩිවන බව පමණක් නිශ්චිත වශයෙන්ම කිව හැකි යැයිද උපුල් රෝහණ කීවේය.

Exit mobile version