බදියුදීන් – මස්තාන් මුහුණට මුහුණ ගැටෙති

ආධාරකරුවන් 6ක් තුවාලයි - 4ක් වව්නියා රෝහලේ

දිනසේන රතුගමගේ:

රිෂාර්ඩ් බදුයුදීන්ගේ හා කාදර් කාදර් මස්තාන්ගේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර 27 දා රාත්‍රී වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

රිෂාර්ඩ් බදුයුදීන් වවුනියාවේ ඊරට්ටපෙරියකුලම පොලීසියට කට උත්ත්‍රයක් ලබා දීමෙන් පසුව දහවල් කාලයේ සිටම වවුනියාවේ බොහෝ ස්ථාන වලදේශපාලන රැස්වීම් කීපයක් සංවිධානය කොට තිබූ අතර වවුනියාවේ සාලම්බකුලම් ප්‍රදේශයේ සංවිධානය කළ රැස්වීමට යමින් සිටියදී කාදර් කාදර් මස්තාන්ගේ දේශපාලන ආධාරකරුවන් සමග මෙම ගැටුම ඇතිකරගෙන තිබේ.


ආධාරකරුවන් විසින් එකිනෙකා පහර දී ගත් ආව්ස්ථාවේදී රිෂාර්ඩ් බදුයුදීන් හා කාදර් කාදර් මස්තාන්ද මුහුණට මුහුණ හමු වී බහින්බස් වී ගැටුමක් ඇති කරගැනීමට උත්සහ කොට තිබේ.

පූවරසන්කුලම පොලීසියෙ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඇතිවන්නට ගිය ගැටුම සමතයකට පත් කොට තිබේ.

රිෂාර්ඩ් බදුයුදීන් සජිත් ප්‍රේමදාස සමග එක්ව දුරකතනය ලකුණෙන් මෙවර වන්නියට තරග කරණ අතර කාදර් කාදර් මස්තාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැහැර පොහොට්ටුවෙන් වන්නියට තරග කරණු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දෙදෙනාගේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර අතිවූ ගැටුම පිළිබදව වවුනියාව පූවරසන්කුලම පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version