බදියුදීන් ආණ්ඩුවට එනවාට අකමැති බව කෙහෙළිය කියයි…

දිනසේන රතුගමගේ

රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා රජයට එක් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළද කිසිදු  ප්‍රසාදයක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (3) වවුනියාවේදී පැවසීය.

වවුනියාව මන්නාරම හා මුලතිව් පළාත්වල ප්‍රාදේශීය ජන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ දී  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා  මේ බව කියා සිටියේය.

රජයට යම් යම් කාරණා ඉෂ්ඨ කර ගැනීමේදී පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රීවරු 225 දෙනාගේම සහය ලබාගැනීමට සිදුවන බව කී අමාත්‍යවරයා නමුත් ඉන් අදහස් කරන්නේ ඔවුන්ව රජයට එකතු කර ගැනීමක් නොවන බව ද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිෂාර්ඩ් බදුයුදීන්  සම්බන්ධයෙන් තමන්ට ප්‍රසාදයක් නොමැති නිසා තමන්ද ඔහුව රජයට එක් කර ගැනීම  ගැන ප්‍රසාදයක් නොමැති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version