බතික් ඇමති බතික් වෙසක්කූඩුවක් අගමැතිට පිළිගන්වයි…

Bathi-Vesak

අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍යාංශය මෙවර වෙසක් මංගල්‍යය සැමරීම සඳහා නිර්මාණය කරන ලද බතික් වෙසක් කූඩුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අතින් සිදු කෙරිනි.

අරලියගහ මන්දිරයේ දී මෙම පිළිගැන්වීම සිදු විය.

දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඔසවා තබමින් හා බතික් මෝස්තර හා නිර්මාණ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දී එවැනි නිර්මාණ තවතවත් බිහි කරවීමේ අභිලාෂයෙන් මෙම වැඩපිළිවෙළ අරඹුණ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බතික් වෙසක් කූඩුවලින් නරඹන්නන් නොගැවසෙන වෙසක් කලාපයක් ලෙස කොළඹ නගරසභා භූමිය සැරසීමටත් එම කූඩු අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ජනතාවට දැක බලාගැනීමට සැලැස්වීමටත් බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා කීවේය.Bathik -Vesak

Exit mobile version