බත්තරමුල්ලේ කොවිඩ් ආසාදිත වැඩිහිටියන් 58ත් සමග සෞඛ්‍ය අංශ කලබල වෙයි….

කොළඹ වැඩිහිටි නිවාසවල එන්නත්කරණය ඇරඹෙයි...

කීර්ති ප්‍රනාන්දු –

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 58 දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග   කොළඹ මහ නගර සභා සීමාවේ පිහිටි සියලුම වැඩිහිටි නිවාස සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි

වැඩිහිටි නිවාස වෙතම ගොස් සතියක් ඇතුළත මෙම සියලුම වැඩිහිටියන්ට එන්නත ලබා දී අවසන් කරන බව ද ඔහු වැඩිදුරටත් කීය. කොළඹ මහ නගර සභා සීමාව තුළ වැඩිහිටි නිවාස 28ක වැඩිහිටියෝ 2800ක් ජීවත් වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව කළ විමසුමක දී කොළඹ මහ නගරසභා සීමාව තුළ පිහිටි වැඩිහිටි නිවාස කීපයක වැඩිහිටියන් ප්‍රකාශ කළේ තම වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටි පුද්ගලයන් වෙත කොවිඩ් මර්ධන එන්ත ලබා දෙන ලෙස කොළඹ එන්නත්කරණය ආරම්භ වූ අවස්ථාවේම ඉල්ලා සිටියත් ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු බවය.


 

Exit mobile version