බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි අරගලකරුවන් සිව් දෙනා රිමාන්ඩ්…

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි බවට  චෝදනා කර  අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනා අද (26) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැක කරුවන්   ජූලි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බණ්ඩාරනායක පිළිරුව   අවට මීටර පනහක සීමාවේ කිසිවෙක් රැඳී සිටීම තහනම් කළ අධිකරණ නියෝගයක් පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.


Exit mobile version