බංග්ලාදේශය අපට ඉස්සර වෙයි ! අයි.එම්.එෆ් එකෙන් ඉල්ලූ බිලියන 4.7ට අනුමැතිය ලැබෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංගලාදේශයට ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ණය මුදලක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඉකුත් වසරේදී බංගලාදේශය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබාදීමට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් අයැදුම් කළ රටවල් තුන අතුරින් මෙතෙක් ණය ලබාදීමට අනුමැතිය හිමවූ පළමු රට බවටද බංගලාදේශය පත්ව තිබීම විශේෂත්වයකි.

පසුගිය කාලයේදී බංගලාදේශයේ ගෙවුම් ශේෂයේ හිඟය පුළුල්වීමත් සමග එය ස්ථාවර කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙම ණය පහසුකම ඉල්ලුම් කර තිබිණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් සහ අදාළ විධිවිධාන යටතේ බංග්ලාදේශයට ඩොලර් බිලියන 3.3 ක් පමණ ලැබෙනු ඇත.


මෙහිදී බංගලාදේශයට මෙම ණය පහසුකම යටතේ කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 476ක් පමණ ඉතා ඉක්මණින් ලබාදීමට නියමිතය. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දේශගුණික අයෝජනයන් සහ තිරසාර පාරිසරික පැවැත්මක් ඇති කිරීටම් වැඩසටහන යටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් හිමිවීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පවතින ආර්ථික තත්ත්වයෙන් මිදීමට ඉල්ලුම් කළ ණය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් මේවන තෙක් ස්ථාවට ප්‍රකාශයක් නිකුත් කර නොතිබීමද විශේෂත්වයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ඇති කළයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේවන තෙක් නිසි පියවරක් ගෙන තිබූ අතර එහිදී රාජ්‍ය සේවකයින් අඩු කිරීම සහ රජයේ වියදම් පහත හෙළීම වැඩි කොන්දේසි තවමත් නිසි පිරිදි ඉටු කර නොතිබීම මීට යම් හේතුවක් ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් බංගලාදේශය පසුගිය කාලය පුරාවට නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එහිදී අහිතර කර චීන ව්‍යාපෘති වලින්ද ඈත් වීමට ක්‍රමානුකූලව පියවර ගෙන තිබනි.

Exit mobile version