බංගලාදේශයේ වෙළෙඳ සංකීර්ණයක ගින්නකින් 43ක් මරුට…

අමායා උඩුවැරැල්ල

බංග්ලාදේශයේ ඩකා අගනුවර තට්ටු හයකින් යුත් වෙළඳ සංකීර්ණයක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

වෙළඳ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි “කච්චි භායි” නම් ආපන ශාලාවක වූ ගෑස් කාන්දුවකින් ගින්න හටගෙන ඇති අතර එය ඉතා ඉක්මනින් ඉහළ  මහල් වෙත පැතිරී තිබෙනවා. රාත්‍රී 9.45 ත් 10.00 ත් අතර ගින්න ආරම්භ වී ඇති අතර ගිනි නිවන භටයන්ගේ මහත් පරිශ්‍රමයෙන් පැය දෙකකට පමණ පසු ගින්න පාලනය කර තිබෙනවා.

බංගලාදේශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අලුයම 2 ට මාධ්‍ය අමතමින් ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ පුද්ගල මරණ 33 ක් සහ ෂීක් හසීනා ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයේ මරණ 10 ක් වාර්තා කර තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් පුද්ගලයන් 75 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රථමාධාර ලබා දී නිවෙස් වෙත යොමුකර තිබෙනවා


Exit mobile version