බංකොලොත් නොවීම සඳහා  වහාම ගත යුතු තීන්දු  දෙකක් ගැන මූල්‍ය අරමුදල තදින් කියයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රි ලංකාව පිළිබඳව තම වාර්ෂික සමාලෝචන  වාර්තාවෙන් අනතුරුව පවතින දරුණු අර්බුදය හමුවේ රටේ බදු ඉහළ නැංවීමත් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ කරවීම , එනම් වෙළෙඳපොළ අගය මත එය තීරණය කළ යුතු බවට අවධාරණය කර ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මේ වනවිට ශ්‍රි ලංකාවේ ආර්ථිකය  සහ එහි පවතින විදේශ ණය අතිශයින්ම අර්බුදකාරී මට්ටමක පවතින බවයි.

අර්බුදකාරී ශ්‍රී ලංකාවට එහි විදේශ ණය “තිරසාර නොවන” බවට අනතුරු ඇඟවූ අතර, බංකොලොත් ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවප්‍රමාණය කිරීම සහ ඉහළ බදු පැනවීම ඉල්ලා සිටියේය.


දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්ෂික සමාලෝචනයෙන් අනතුරුව එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති කරුණුවලට කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය ඇතුළු කර්මාන්ත අඩාළ වීම මත විදේශ විනිමය සංචිත රැක ගැනීම සඳහා විසඳුමක් ලෙස රජය 2020 මාර්තු මාසයේ දී පුළුල් ආනයන තහනමක් පැනවීය.

මුදල් හිඟ රට පිළිබඳ වාර්ෂික සමාලෝචනයෙන් පසුව, IMF පැවසුවේ එහි වේගයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත රටේ වත්මන් විදේශ ණය ඩොලර් බිලියන 51 ගෙවීමට ප්‍රමාණවත් නොවන බවයි.

එම අරමුදල රජයේ නිල දත්ත  පදනම් කර ගනිමින් පෙන්වා දෙන්නේ මේ වසරේ ශ්‍රී ලංකාවට සිය විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් ජනවාරි අග වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.07 ක් පමණක් බවය. එය  මාසයක ආනයන සඳහා මුදල් සැපයීමට ප්‍රමාණවත් බව අරමුදල පවසා ඇත.

මේ තත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ  කරන එක් පියරක් වන්නේ ශ්‍රී ලංකා රුපියල  වෙළෙඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් වෙත නැවත පැමිණිය යුතු  බවය.

එසේම  සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය  උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.

මහ බැංකුවේ නියම කරන ලද අනුපාතය ඩොලරයට රුපියල් 197ක් වන අතර, වර්ධනය වෙමින් පවතින කළු වෙළඳපොල එක්සත් ජනපද ඩොලරයක් සඳහා සඳහා රුපියල් 260ක් ලබා දෙන බවද අරමුදල පෙන්වා දී ඇත.

මෙම විෂමතාවය නිල බැංකු මාර්ග හරහා විදේශ ප්‍රේෂණ සියයට 50කට වඩා අඩුවීමට හේතු වී ඇති බැවින් වහාම එම තත්තවය වෙනසකට ලක් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ   2019 නොවැම්බරයේ බලයට පත් වූ විගසම බදු කිහිපයක් අඩකින් පමණ කපා දැමීම රජයේ ආදායම අඩු කර තවත් ණය ගැනීමට බලපා ඇති බව පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අර්බුදය විසඳීම සඳහා වූ නිර්දේශ අතර ආදායම් බදු සහ වැට් බද්ද ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වන බවටද නිර්දේශ කර තිබේ.

Exit mobile version