අඩු කළ වැටුප් දෙන කොවිඩ් සහනය ජූනි 30 න් අවසන් – තවදුරටත් ඕන නම් දන්වන්න

වසංගත තත්වයෙන් බලපෑම් එල්ල වූ පෞද්ගලික අංශයේ, ව්‍යාපාර හා කර්මාන්තවල සේවයේ නිරත සේවක සේවිකාචන්‌ සඳහා වැටුප්‌ ගෙවීම සඳහා හාම්පුතුන්ට  ලබා දී තිබූ පොදු සහනය 30 අවසන් වන බැවින් එදිනෙන් පසුවද එම බලපෑමට මුහුණදෙන සංචාරක ආදි ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා මෙම වැටුප්‌ ගෙවීමේ සහනය අවශ්‍ය වන්නේ නම්‌ එක්‌ එක්‌ ආයනන/කර්මාන්තශාලා වෙන වෙනම පූර්ව අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක්‌ බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  නිවේදනය කරයි.

මාසිකව රු. 14,500.00 ක ප්‍රමාණයක්‌ හෝ මාසික වැටුපෙන්‌ 50% යන අගයන්ගෙන්‌ වැඩි අගය ගෙවීම එම සහනයයි.

එහිදී එම සහනය අයදුම්කරන ආයනන පහන තොරතුරු වැටුප්‌ ගෙවීමට නියමිත දිනට සති 02 කට ප්‍රථම කම්කරු කොමසාරිස්‌ ජනරාල්‌ වෙත ලිඛිනව ඉල්ලුම්‌ කල යුතුවේ.


1. ආයනනයේ ස්වභාවය
1. ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව
111. මෙම සහනය අවශ්‍ය! කරන සේවක සංඛ්‍යාවේ තොරතුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සේචයට වාර්තා කර සේවයේ යෙදී සිටින සේවකයන්‌ වෙනුවෙන්‌ ගිවිසුම්ගත පරිදි මාසික වැටුප නිසි පරිදි ගෙවිය යුතූ බවත්, ච්‍යචස්ථාපින හා බලයලත්‌ අඩුකිරීම හැර වෙනත්‌ කිසිදු අඩුකිරීමක්‌ එම උපයාගත්‌ වැටුපෙන්‌ කළ නොහැකි බවත්‌ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

Exit mobile version