පෝලිමේ නොසිට කිරිපිටි පැකට් එකක් ගන්න තව මාස දෙකක්වත් ඉන්න වේවි – ආනයනකරුවන් කියයි

කොළඹ කිරිපිටි පෝලිම් - ඡායාරපය නිසාල් බදුගේ ( ඩේලි මිරර්)

පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන   පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට තොග පවතින සමාගම් කිරිපිටි වෙළඳපලට නිකුත් කළද සමාගම් වැඩි පිරිසකට කිරිපිටි තොග නොමැති බැවින් ආනයනය කළ කිරිපිටි තොග මෙරටට පැමිණ වෙළදපලට නිකුත් කිරිමට ලබන  පෙබරවාරි මාසය මැද පමණ වනු ඇතැයිද සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොලර් හිඟය හේතුවෙන් දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම තවත් ප්‍රමාද විය හැකි බවද ආනයනකරුවෝ පෙන්වාදෙති.


 

Exit mobile version