පෝලන්තයේ තිබු ප්‍රවීණයන්ගේ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන  15 දෙනාගේම වීසා ප්‍රතික්ෂේප  වෙයි !

පෝලන්තයේ ටෝරුම් හි පැවැත්වුණු ලෝක ප්‍රවීණයන්ගේ  ගෘහස්ත මළල ක්‍රිඩා ශූරතාවලිය 2023 සඳහා මෙවර ශ්‍රි ලංකාව නියෝජනය  කළ ප්‍රවීණ ක්‍රිඩකයන් පහළොස් දෙනාටම එම තරගාවලියට සහභාගී වීමට අදාළ වීසා, පෝලන්ත රාජ්‍යයෙන් ලබා දී නොමැති බව වාර්තා වේ.

මෙම ක්‍රිඩකයන් තමන්ට අවශ්‍ය අනුග්‍රාහකයන් සොයාගෙන එරට නැවතීමට අවශ්‍ය හෝටල් පහසුකම් පවා වෙන් කර තිබියදී මෙවැනි තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුව නිසා මේ වනවිට එම ක්‍රිඩක ක්‍රීඩිකාවන් මහත් කලකිරීමට පත්ව ඇති බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පෝලන්තයේ ටෝරුම් හි මෙම තරගාවලිය පසුගිය මාර්තු 26 වැනිදා ආරම්භ වූ අතර ඊයේ (01) අවසන් විය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා පසුගිය සතියේ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඔවුන් සිය පෞද්ගලික වියදමින් හෝටල් කාමර පවා වෙන් කරවාගෙන ඇත. ඇතැම් ක්‍රීඩකයන්ට මේ සඳහා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුනකට වැඩි වී ඇති අතර ඇතැම් ක්‍රිඩකයන්ට පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියදී පවා වීසා ලබා දීම ට පෝලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන නැති බව සඳහන් වේ.

මේ ආකාරයෙන්ම මීට සති කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියකටද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රවීණයන් කණ්ඩායමකට එරටින්ද වීසා ලබා දී නැති අතර මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට සහ මෙරට ක්‍රීඩකයන්ට දැඩි අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව අප සමඟ අදහස් දැක්වූ ඊට සහභාගී වීමට බලාපොරොත්තු වෙන් සිටි ක්‍රීඩකයෙක් සඳහන් කළේය.


මෙම රටවලින් වීසා ලබා නොදීමට හේතුව මෙම ක්‍රිඩකයන් ආපසු නොපැමිණේවි ය  පවතනි සැකය නිසා බට ප්‍රකාශ වුවද ඔවුන්ගේ යළි පැමිණීම තහවුරු කරවන රාජ්‍ය තාන්ත්‍රීක මැදිහත්වීමක් සහ ක්‍රියාවලියක් ශ්‍රි ලංකාවේ බලධාරීන් වෙතින් ක්‍රියාත්මක වී නැති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තත්ත්වයට හේතුව මෙරට ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා සංගම් දෙකක් අතර පවතින කඹ ඇදිල්ලක් බවත්, ඔවුන්ට ශ්‍රි ලංකා මළල ක්‍රීඩා සංගමයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු බවත් මෙම ගැටලුව පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයා හෝ  අමත්‍යංශ බලධාරීන් දැනුවත් නොමැති බවත් වාර්තා වේ.

Exit mobile version