“පෝට් සිටි කොමිසමට ගාමිණී මාරපන පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ රීති කඩකිරීමක්”

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ජනපතිට දන්වයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්වීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති කඩකිරීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ පත්කිරීම 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති වල 17වන රීතිය කඩ කිරීමක් බවයි.

මාරපන මහතා එකී ධූරය භාර ගතහොත් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව හෙතෙම සිය ලිපිය ඔස්සේ ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.


ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කළ බවට ඊයේ රජය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

gdmini marapana aruna laksiri

Exit mobile version