පොළොන්නරුවේ අඩු පහසුකම් සහිත පෙරපාසල් 81 සංවර්ධනය කෙරේ…

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි අඩු පහසුකම්  සහිත පෙර පාසල් 81 ක් සංවර්ධනය සඳහා රුපියල්  ලක්ෂ 600 ක් මුදලක්  පුනරාවර්ථන  අරමුදල මඟින් වෙන් කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ උපදෙස් මත මෙම  සංවර්ධන කටයුතු සිදු වේ. එහිදී  සෙල්ලම් මිදුල සැකසීම, ආරක්ෂිත වැට ඉදි කිරීම, විදුලිය හා ජලය ලබා දීම ,එළිමහන් වේදිකාව සකස් කිරීම, ගොඩනැගිලි අලුත්වැඩියාව, වහල අලුත්වැඩියාව කටයුතු සිදු කෙරේ.

මෙම අඩුපාඩු හේතුවෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීමට අතපසු බව පෙරපාසල් ගුරුවරුන් විසින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව කඩිනමින් එම ගැටළු විසදීමට  අමාත්‍යතුමන්ගේ විශේෂ අවධානය යොමු විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් වැසිකිලි හා පානීය ජල පහසුකම් නොමැති පෙර පාසල් සඳහා එම අඩුපාඩු ද,කඩිනමින් විසඳීමට පියවර ගැනේ. 

Exit mobile version