පොහොර ප්‍රශ්නයේදී අවශ්‍ය වුණොත් ජනාධිපති අඩියක් පස්සට ගනිවී

රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ගන්නා ලද්දේ තනිකරම මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත් පියවර යළි ආපස්සට ගැනීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා ඒ සඳහාද කටයුතු කරනු ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සාගර කාරියවසම් සඳහන් කළේ වර්තමාන රජය පිහිටුවන්න පොදු ජන පෙරමුණ සමඟ එකතු වූ ප්‍රධාන බලවේගය ගොවි ජනතාව බවයි. ඔවුන් අදටත් පක්ෂය සමඟ සිටින බවත් ඔවුන් වෙනුවෙන් පක්ෂයක් ලෙසද පොදු ජන පෙරමුණ ද සිටින බවත් එහිදී ලේකම්වරයා සඳහන් කළේය.

එහිදී තතවදුරටත් අදහස් දැක්වූ නීතීඥ කාරියවසම්


“ පොහොර සම්බන්ධ කාරණය ගොවි ජනතාව වෙනුවෙන් හිතල ගත්ත තීරණයක්. එහි යම් අඩුපාඩුවක් තිබෙනවා නම් නිවැරදි කරගෙන ඉදිරියට යයි. අද විවිද අය චෝදනා කළාට මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුව රසායනික පොහොර මඟින් ඇතිවන සෞඛ්‍යමය සහ පාරිසරික බලපෑම. රසායන විද්‍යාව මතම පදනම් වී ගත්ත තීරණයක්. මෙම පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍යවල පවතින බැර ලෝහ පසට ජලයට මිශ්‍රවීම හේතුවෙන් සිදුවන හානිය පිළිබඳව සලකා තමයි මේ තීරණය ජනාධිපතිතුමා ගත්තේ.

රජය කටයුතු කළේ ගොවි ජනතාව තකිසිදු ආකාරයකින් අපහසුතාවට පත් කිරීමට නොවෙයි. ඔවුන්ට හොඳ හෙටක් උදා කර ගැනීමට. සමහර ඉදිරිය ගත් අඩි පස්සටෙ ගන්න ඕන නම් අදාළ පියවර ගනී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොර සම්බන්ධ ගත් තීරණය කැබිනට් මණ්ඩල ගත් තීරණයක්. මේ තත්ත්වය තුළ විවිධ පුද්ගලයන්ගේ ඇවිස්සීම් මත අද ගොවි මහතුන්ට සැකයක් තිබෙනවා ඉදිරි කන්නයේ ආදායම් තත්ත්වය ගැන. ගොවි ජනතාව තමන්ගේ ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැවතුණාම ආවේගශීලී වීම සාමාන්‍ය දෙයක්. එහිදීත් විෂය බාර අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ගොවි ජනතාවට පොරොන්දුවක් දෙනවා, අස්වැන්න අඩුවීමක් වුණොත් අපි ඔබට වන්දියක් දෙනවා කියල. ගොවි ජනතාවට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ලොකු වගකීමක් එතුමා භාර අරගෙන තිබෙනවා.

Exit mobile version