පොහොර දෙනතුරු ගොවීන් එළවළු තොග දෙන්නෙ නෑ… නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද සිට වසා දමයි!

එළවළු තොග ලබාගන්නට රට වටෙන් පැමිණි තොග වෙළෙන්දෝ හිස් අතින් යති...

කීර්ති ප්‍රනාන්දු –

නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද 21 දින සිට වසා දැමීම සිදු කළ බව එහි වෙළෙඳ සංගමයේ සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි ලංකා සරට පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ගොවියන් එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට ලබා නො දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය මෙසේ වසා දැමීමට සිදු වූ බවයි.

වසා දමා ඇති ආර්ථික මධ්‍යස්ථානය..

නුවරඑළිය ගොවියන්ට සිය වගා කටයුතු සදහා රසායනික පොහොර කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදීම නිසා ගොවීන්ගේ වගා ඵලදාව අඩු වී ඇතැයි ද හෙතෙම පැවසීය.


ඒ සදහා විරෝධය පෑමක් ලෙස ගොවියන් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබාදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව ද හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය මත අද 21 දින නුවරඑළිය විශේෂිත අාර්ථික මධ්‍යස්ථානය එළවළු තොග ලබා ගැනීමට පැමිණ සිටින තොග වෙළඳුන්ට හිස් අතින් ආපසු යාමට සිදු වූ බවත් ඉදිරි දිනවල වෙළඳ පොලේ එළවළු හිගයක් ඇති වීමට ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.

Exit mobile version