පොහොට්ටු යූඑන්පී සන්ධානයකින් අනාගත බලය ඇල්ලීමේ සැලසුමක් මහනුවර දී සැකසේ!

UNP

මේ වනවිට සීඝ්‍රයෙන් රටේ තත්ත්වය යථාවත් වෙමින් ඇති බවත් මේ තත්ත්වය ඊලඟ මැතිවරණයක් දක්වා පවත්වාගෙන ගොස්  පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව හංසයා වැනි ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වී නව රජයක් පිහිටුවිම සඳහා සැලසුම් සහගත විය යුතු බවත් අද මහනුවර දී යෝජනා වී තිබේ.  

මෙම ප්‍රමුඛ යෝජනාව මතු වී ඇත්තේ දළදා වැඳගෙන මහා නායක හිමිවරුන් වන්දනා කර  පැමිණි ජනාධිපතවරයා මුලසුනේ තබාගෙන අද (30) රාත්‍රියේ   මහනුවර ජනාධිපති මන්දිරයේ දී   පොහොට්ටු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් විසින් පවත්වන සාකච්ඡාවක් තුළ දීය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, පාලිත රංගෙබණ්ඩාර, ශාන්තිනී කොන්ගහගේ ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටිති.

මෙම සන්ධානගත වීම මහනුවර කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ යුතු බවත් මහනුවර මුල්කරගෙන සිදුවන එම දේශපාලන කේන්ද්‍රගතවීමේ නායකත්වය කෙහෙළිය රඹුක්වැල්ල වෙත පැවරීම උචිත බවත් එහි දී යෝජනා වී  ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම අවස්ථාව සඳහා පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන වසන්ත යාපා බණ්ඩාර සහ උදේන කිරිඳිගොඩ සම්බන්ධ වී නැත.

Exit mobile version