පොහොට්ටු මන්ත්‍රී නිසා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියක…

Sajith Premadasa and the rest of the SJB resort to self-quarantine

කොවිඩ් ආසාදිතයකු බවට බත් වූ පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර  ඇසුරු කළ සමගි ජන බලවේග මන්ත්‍රිවරුන් දෙපළක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස    ඇතුළු සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියකින් පෙළෙන බව වාර්තා වෙයි.

මෙම  තත්ත්වයට හේතු වී ඇත්තේ මෙම මන්ත්‍රීවරයා ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත් වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් දෙපළක් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ඊයේ (25)  සමගි ජන බලවේගයේ  ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල  රැස්වීමට සහභාගී වීම හේතුවෙනි. ඔවුන් මෙම රැස්වීමට සහභාගී වීමෙන් පසුව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයාට කොවඩ් ආසාදනය වී ඇති බව දැන ගෙන ඇති අතර ඔවුන් පසුව පීසීආර් පරීක්ෂණ සිදු කොට ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රිවරුන් මෙසේ මන්ත්‍රි කණ්ඩායම්  රැස්වීමේදී සජබ නායක වරයා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් හමුව ඇති අතර ඒ අනුව මෙම කොවිඩ් අවදානම මතුව ඇත.


මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන වසන්ත යාපා බණ්ඩාර පසුගිය 16 වැනිදා පීසීආර් පරීක්ෂණයකට ලක් වීමෙන් පසුව  මීට දින කිහිපයකට ඉහත දී රූපවාහිනි නාළිකාවක දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී ඇත.  එම වැඩසටහන අවසානයේ ඔහු ඊට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් සමඟ අතට අත දී ඇති බව වාර්තා වේ.

මේ හේතුව නිසා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පීසීආර් පරීක්ෂණයකට ලක්ව ස්වයං නිරෝධායනය වෙමින් සිටී.    වසන්ත යාපා බණ්ඩාර  මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවකට ද සහභාගී  වී ඇති අතර ඔහු නියෝජනය කරන යටිනුවර සංවර්ධන කටයුතු සම්බන්ධ ගම් මට්ටමේ රැස්වීම් 50කට අධික ප්‍රමාණයකට සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා තිබුණේ කළ හැකි දෙයක් නොමැති බවත් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති නම් සජබ සමස්ථ කෘත්‍යාධිකාරී මණ්ඩලයටම එම අවදාම පවතින බවත්ය.

Exit mobile version