පොහොට්ටුවේ සෙසු පක්ෂ පොහොට්ටු ලේකම්ට එරෙහිව තීරණයක…

Sagara-Kariyawasam

සාගර කාරියවසම්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යවරයා වෙත පවරා ඔහු සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනා කරමින් පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් නිකුත් කර ඇති නිවේදනයට   අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමට පොදුජන පෙරමුණ හා එක් වී සිටින සෙසු පක්ෂ කීපයක නායකයින් තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම තීන්දුව ගෙන තිබුණේ අද (13) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ පුද්ගලික නිවසේ රැස් වූ අතුරලියේ රතන හිමි , වාසුදේව නානායක්කාර , විමල් වීරවංශ , උදය ගම්මන්පිල , ටිරාන් අලස් ,  විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ඇතුළු  පක්ෂ නායක පිරිසක් හමු වී පවත්වන ලද සාකච්ඡාවකදීය.

ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ද මේ සාකච්ඡාවට එක් වී සිටි බව වාර්තා වේ.

Exit mobile version