පොහොට්ටුවේ මහා  මැයි රැළියකට බැසිල් අර අදී!

සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන අයුරු

දැවැන්ත පසුබෑමක සිටින පොදුජන පෙරමුණ යළි සංවිධාන  කිරීමේ අරමුණින් දැවැන්ත මැයි රැළියක් කොළඹදී පැවැත්වීමට පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා මේ වනවිටත් ගම් මට්ටමින් සංවිධාන ශක්තිමත් කරන ලෙස ඔහු විසින් සෑම ආසන සංවිධායකවරයකුටම දනුම් දෙනු ලැබ ඇත.

මේ පිළිබඳව පසුගියදා හිටපු ජනපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවත පිහිටි නිල නිවසේදීද වැඩිදුරටක් සාකච්ඡා වී ඇති අතර එහිදී බොහෝ කතිකයන් අදහස් දක්වමින් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පැවත්වුහොත් එය පදනම් කරගෙගන සංවිධාන කටයුතු ආරම්භ කළද 2024 වසරේදී පැවැත්වෙනු ඇති බවට සැලකෙන ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඉලක්ක කරගෙන මෙම සංවිධාන කටයුතු සිදු කිරීම පොදුජන පෙරමුණෙ අරමුණ වී ඇත.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් 60කට අධික සංඛ්‍යාවක් සහභාගීව සිට ඇති අතර එහිදී බැසිල් රාජපක්ෂ විසින් පක්ෂයේ වර්තමාන තත්ත්වය මෙන්ම ඉදිරි ඉලක්ක පිළිබඳවද මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත. පවතින පසුගාමී තත්ත්වය සමනය කිරීම සඳහා හොඳින් සූදානම් වී විශාල මැයි රැළියක් කොළඹදී සංවිධානය කිරීමට එහිදී තීරණය වී  ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් ඒ සඳහා පෙළ ගැස්වීමේ පළමු වැඩ සටහන අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී පැවැත්වීමටද එහිදී තීරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා අති ඇතැම් මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට අභියෝගයක් විය හැකි මට්ටමේ පසුබිමක් නිර්මාණය කොට ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයකු පත් කළ යුතු බව යයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.


Exit mobile version