ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් 12 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පොහොට්ටුවේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ආණ්ඩුවේම වෙනත් පක්ෂයක ප්රබල මන්ත්රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ද එම ආරංචි මාර්ග හෙළි කළේය.
මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්රීවරිය දෙදෙනකු සිටින බවත් එම ආරංචි මාර්ග පවසන අතර ගම්පහ කල්ලිය ලෙස දැනට පොහොට්ටුව තුළම හඳුනාගෙන ඇති පිරිසක් ද මෙම දීමනා ලබන කණ්ඩායමට අයත් බව එම ආරංචි මාර්ග කීවේය.
මේ පිළිබඳව කළ විමසීමකදී පොහොට්ටුවේ ප්රධානියෙක් පැවසුවේ ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා සහාය ලබා දීම වෙනුවෙන් මෙම මන්ත්රී පිරිසට අදාල දිමනාව ගෙවන බවට තමන්ට ද තොරතුරු ලැබී ඇති බවය.
මේ පිළිබඳව කරුණු සොයමින් යන බව ද ඔහු කීවේය.