පොහොට්ටුවෙන් වෙන් වූ වසන්ත යාපාට සහ තිලක් රාජපක්ෂට මරණීය තර්ජන! කතා නායක නියමයෙන් පරීක්ෂණයක්….

wasantha

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවීම සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නියමය මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී ඇත.

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වසන්ත යාපා බණ්ඩාර  කතානායකවරයාට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසීමේ දී තමන් කටයුතු කළ ආකාරය හා ඒ පිළිබඳව සිය ස්ථාවරය නිසා මෙම මරණීය තර්ජන එල්ල වී ඇති බවට ඔවුන් පැමිණිලි කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුරකථන මාර්ගවලින් සිදුකරන ලද මෙම මරණීය තර්ජනවලට අදාල පටිගත කළ හඬ පට සහිතව මෙම මන්ත්‍රීවරු දෙදෙනා මේ වනවිට මිරිහාන පොලිසියට සහ ජනාධිපතිවරයාටත් පැමිණිලි කර තිබේ.


 

Exit mobile version