පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 05ක් පැන ගිහින්…

කීර්ති ප්‍රනාන්දු –

පොලොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද (31)  උදෑසන රැඳවියන් 05 දෙනෙක්  පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

වයස අවුරුද් 52, 20, 23,32  හා 22 හි පසුවන මෙම රැඳවියන් පස් දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත්, මීගමුව බන්ධනාගාරයේ දී කොවිඩ් ආසාදනය වීම නිසා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පලාගිය රැඳවියන් සොය ප්‍රදේශය පුරා පොලිසිය හා හමුදාව එක්ව ඒකබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


Exit mobile version