පොලොන්නරුවේ වනජීවී නිලධාරීන් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි

පොලොන්නරුවේ වනජීවී නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද(1) ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට අදහස් දක්වමින් විපක්ෂ විපක්ෂනායකවරයා වැඩිදුරටත් මේ කරුණු පැවසීය.

“මේ නිලධාරීන් දෙපළ විශේෂයෙන්ම විජේකෝන් කියන නිලධාරියා 2005 රාජකාරියේ සිටින විට තමන්ගේ සහෝදර ධනසිරි කියන නිලධාරියාගේ ඝාතනයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි මේ විජේකෝන් කියන නිලධාරියාගේ කකුල් දෙකම කඩලා ට්‍රැක්ටර් එකක දමලා බස් එකට යට කරලා ඒ තත්ත්වෙ නිර්මාණය වුණා. ඔහුට මාස හයක් එක තැන දුක් විඳින්න සිද්ධ වුණා. ඔහුට සොච්චම් වන්දියක් ලැබුණේ. ඒ සොච්චම් වන්දියත් එතුමා වනජීවී අරමුදලට පරිත්‍යාග කළා. ඒ වගේම එල්ටීටීඊ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ කාලයේ විශේෂයෙන්ම මඩකලපුව බල ප්‍රදේශයේ ඇතුන් 16ක් ඝාතනය වූ තැනක මේ ඇත්දළ බාරයට ගන්න ඔහු සමත් වුණා. ඉතාමත්ම ප්‍රශස්ත නිලධාරියෙක්. වන ජීවී ප්‍රසාදනී සම්මානයත් ඒ විජයකෝන් මහත්මයා ලබාගෙන තිබෙනවා. අනිත් මහත්මයා තමයි වාසල මහත්මයා. ඔහු නඩු එකසිය පහළොවක් වනය ආරක්ෂා කරන්න, වනජීවීන් ආරක්ෂා කරන්න නඩු දමලා ලක්ෂ 170 ක ආදායමක් වනජීවී එකට, රජයටත් ලබාදී තිබෙනවා.


මම කියන්න හදන්නේ ගරු කතානායකතුමනි, මෙතන තියෙන්නෙ වැලි නිධියක ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා කරුණාකරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න. මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා හොඳින් දන්නවා වාසල කියන නිලධාරීතුමා ව. එතුමත් එක්ක බොහොම සමීපව ඉන්න නිලධාරියෙක්. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි, පහුගිය දවසක වෘත්තීය ක්‍රියාමාර්ගයකුත් සිදුවුණා. මම යෝජනා කරනවා මේ ප්‍රශ්නය ඇමතිවරයාගේ මැදිහත් වීම තුළ මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න. ඒ වගේම මේ සභාවෙන් කියවුණා මේ පගා ගහන වනජීවී නිලධාරීන් කියන කතාව. මම කියනවා එහෙම කියන්න එපා කියන කතාව. මේ නිලධාරීන් ඉතාමත්ම ප්‍රශස්ත සේවාවක් ඉෂ්ට කරන රාජ්‍ය නිලධාරීන්. ඒක සමස්ත ලක්ෂ පහළොවක් වූ රාජ්‍ය සේවය කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රශ්නය අනිවාර්යෙන් විසඳන්න. ඒ නිලධාරීන්ට කිසිදු දේශපාලන පළිගැනීමකට ලක් වන්නට ඉඩ තබන්න එපා. ඒ වගේම අපි හැමෝගෙන්ම අඩු පාඩු සිද්ධ වෙනවා. අපටත් අඩු පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇමතිතුමාට පුළුවන් පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරලා මේ ප්‍රශ්නය සමථයකට පත් කරන්න. මම යෝජනා කරනවා මේ වාසල කියන නිලධාරියාගෙයි විජේකෝන් කියන්න කියලා නිලධාරී තුමාගෙයි අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය අපි සියලුම දෙනා එක්වී සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනාන්තර වනජීවීන් රුක්ෂලතා ආරක්ෂා කරන මේ වනජීවී දෙපාර්තමේන්තුවට අතිකාල මොකුත් නෑ. මේක 24ක සේවාවක්. රටේ තියෙන එකම රාජ්‍ය සේවාව එවැනි. සියලූ දෙනාම අපි රකින්නට කටයුතු කරන්න ඕන. ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා ඒ නිලධාරීන්ගේ අයිතීන් දිනා දී මේ ප්‍රශ්නය අවසන් කරන්න කියල.”

Exit mobile version