කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ!

පොලිසිය 154 බසයෙන් බැස බොරැල්ල දේවස්ථානයට ගිය නාඳුනන මිනිසා සොයයි !

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය වෙත පසුගිය 11 වැනිදා පෙරවරුවේ බෝම්බයක් රැගෙන පැමිණි  බවට සැක කරන නාඳුනන පුද්ගලයා පිළිබඳව තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට සමත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝස පැහැයට හුරු කමිසයකින් සැරසී සිටි මැදි වියේ පුද්ගලයකු වන ඔහු කිරිබත්ගොඩ සිට අඟුලාන දක්වා යන  අංක 154 බස් රථයක පැමිණ බොරැල්ල රජයේ මුද්‍රණාලය අසලින් බස් රථයෙන් බැස ඇති අතර ඊට ආසන්නයේ ඇති පදික මාරුවකින් පාර මාරු වී දේවස්ථානය කරා ගොස් ඇත.

එම දේවස්ථානය තුළට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි ඉදිරිපස වම් කෙළවරේ මුල්ලකට ගොස් හඳුන් කූරක් දැල්විමට උත්සාහ කරන ආකාරය ද දෙවස්ථානයේ නිරීක්ෂණ කැමරා ඔස්සේ දැක ගැනීමට පොලිසියට හැකිව ඇත. පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම බෝම්බයද හඳුන්කූර දැල්වී එය සමඟ පුපුරා යන ලෙස සකස් කර ඇති බව සඳහන් වේ.


අදාළ කටයුත්ත සිදු කිරීමෙන් පසුව මෙම පුද්ගලයා හැකි ඉක්මනින් මාර්ගයට පැමිණ යළිත් මැගසින් බන්ධනාගාරය දෙසට  යන ත්‍රි රෝද රියකට ගොඩ වි ඇත. ඔහු එතන් සිට ගමන් කළ  දිශාව පිළිබඳව මේ වනවිට පොලිසිය විමර්ශනයට ලක් කරන අතර ඔහු පිළිබඳව තවත් තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති අය මෙම සිදුවීම සමඟ සෘජු සම්බන්ධයක් ඇති පුද්ගලයන් බවට කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වි නැති බවද මෙම පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version