පොලිසියේ 103 කට කොරෝනා – විශේෂ රෝහල් 4ක් සුදානම් කෙරේ

පොලිස් නිලධාරීන් 103 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති අතර විශේෂ රෝහල් 4ක් පොලිස් නිලධාරීන්ට ප්‍රතිකාර සඳහා සූදානම් කර තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකුද ඇතුළු නිරෝධායන මධ්‍යස්ථානවල පොලිස් නිලධාරීන් 300 දෙනකු නිරෝධායනයට ලක්ව සිටී.

එමෙන්ම නිවාසවල ද ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විදුහලේ ස්ථාන දෙකක්, කළුතර සහ හබරාදුව පොලිස් මධ්‍යස්ථානය කොරොනා ප්‍රතිකාර සඳහා පොලිස් නිලධාරීන් වෙනුවෙන් සූදානම් කර ඇත.

Exit mobile version