පොලිසියේ “දේශපාලන“ උසස් වීම් ජනපති නියෝගයෙන් නවතී!

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන් පිළිබඳව සොයා බැලීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව හරහා පොලිස් නිලධාරීන් ගණනාවකට උසස් වීම්  ලබා දීමට කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

දේශපාලන පළිගැනීම් මුවාවෙන් රජයේ ඇතැම් දේශපාලකයන්ට හිතවත්කම් දක්වන පක්ෂපාතී නිලධාරීන් ගණනාවක්ද මෙම  උසස් වීම් ලබා ගැනීමට උත්සාහ කිරීම  සහ මේ නිර්දේශ හේතුවෙන් පොලිසියේ නිසි ක්‍රමයට උසස් වීම් ලබා ගත් නිලධාරීන් අතර වෘත්තීය මට්ටමේ පරස්පරතා නිර්මාණයවන බවට රාජ්‍ය බුද්ධි වාර්තාවලින්  කරුණු අනාවරණය වීම මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට  පත් කරන ලද කමිටුව විසින් පොලිසියේ උසස් වීම් සඳහා නිර්දේශ ලබා ඇති මුළු නිලධාරීන් ගණන 72ක් බව වාර්තා වේ.  මෙම  නිලධාරීන් 72 කවුද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැතත් එම නිලධාරීන් අතුරින් කිහිපයක් මෙම උසස් වීම් නිර්දේශ ලබා ඇති ව අනාවරණය විය.


මෙම අනාවරණය වූ නිලධාරීන් අතර සැබෑ ලෙසින්ම  දේශපාලන පළිගැනීම්වලට සහ තාඩන පීඩනවලට ලක් වූ නිලධාරීන් මෙන්ම එවැනි පීඩාවන්ට ලක් නොවූ නමුත් රජයේ දේශපාලකයන් සමඟ සමීප සම්බන්ධතා පවතින ඒ හරහා උසස් වීම් ලබා ගැනීමට උත්සාහ කරන නිලධාරීන් ගණනාවක්ද සිටින බව හෙළි විය. මෙම තත්ත්වය මත ජ්‍යෙෂ්ඨතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වූ අතර මේ පිළිබඳව පෙත්සමක් ඉිදිරිත් කිරීමට සහ ඇතැම් නිලධාරීන් අධිකරණමය ක්‍රියාවලියකට සූදානමක් පවතින බවට ද ආරංචි වී තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සඳුදා පැවති කැබිනට් අමාත්‍ය රැස්වීමට මෙම උසස් වීම් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කොට එය නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජනාධිපතිවරාගේ නියොගය මත මෙම ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බව ද  මෙම ආරංචි මාර්ග සඳහන් කළේය    

Exit mobile version