පොලිසියේ දූෂණ හෙළිකරමින් යූ ටියුබ් චැනල් එකක් කරන හිටපු පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!

පොලිසීයේ දූෂණ අපරාධ සහ අනීතික කටයුතු සහ පාතාලයේ හැසිරීම්  හෙළි කරමින්  යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන හිටපු පොලිස් නිලධාරියෙක් වූ විමල් ජයසේකරගේ නිවසට මිට ස්වල්ප වෙලාවකට පෙර නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි තබා තිබේ.

වෙඩි පහරින් කිසිවෙකුටත් හානි සිදුවී නැතත් නිවසට හානි සිදු වී ඇති බව වාර්තා වේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධ විමර්ශන කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා ඇතැයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනපතා වෙඩි තැබීම් වාර්තා වන පසුබිමක අද පොලිස්පතිවරයා පැවසුවේ මේ පාතාලයේ අවසාන කාල වකවානුව බවත්, පහනක් නිවෙන්නට යනවිට දීප්තිමත්ව දැල්වෙන ස්වරූපය මේ වනවිට පෙනෙන්නට ඇති බවත්ය.


Exit mobile version