පොලිසියේ කොවිඩ් අවදානම ගැන කීවාම ඕ.අයි.සී. බියගුල්ලෙක් යයි ලොක්කෙක් කියලා

පොලිස් නිලධාරීන් අතර කොවිඩ් 19 වෛරස ආසාදනය ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් කාලයේදීම එම ආසාදිත නිලධාරීන්ගේ ආසන්නතම ආශ්‍රිත පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක් කළ යුතු බව සහ සෙසු නිලධාරීන් ආරක්ෂිත අයුරින් රැඳවීම සහ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව සඳහන් කළ කොළඹ පොලිසියක ස්ථානාධිපතිවරයාට තමන්ට ඉහළ පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලධාරියකු මෙම පොලිස් නිලධාරියා බිය සුළු පුද්ගලයකු බව සඳහන් කොට පිළිතුරු ලිපියක් එවා ඇති බවත් පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ අවදානම මැද රාජකාරියට යොදවන ලෙසද නියෝග කර ඇති බව ලංකාසරට වාර්තා වේ.

මෙම නියෝගවලට අවනත පොලිස් ස්ථානාධිපතිවරුන්ටද ක්‍රියා කිරීමට සිදුව ඇති අතර මෙලෙස නිරෝධායනය වන අතරේ සිවිල් රාජකාරියට යොමු කළ පොලිස් නිලධාරීන් 28 දෙනකුටම පසුව සිදු කරන ලද පීසී ආර් පරීක්ෂණවලදී ආසාදිතයන් බව තහවුරු වූ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වැනි තත්ත්ව හේතුවෙන් පොලිස් නිලධාරීන් අතර කොව්ඩ ආසාදන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බල පෑ බව ලංකාසරට මේ බව අනාවරණය කළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.


මෙම නිරෝධායන සමයේ රාජකාරියේ යෙදවූ නිලධාරීන් පිළිබඳව මීට පෙරද ලංකාසරට වාර්තා කිරීමට හැකිවූ අතර මේ වනවිට එම නිලධාරීහු කොවිඩ් ආසාදිතයන් ලෙස ප්‍රතිකාර ලබති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙ වන විට පොලිසියේ 450කට ආසන්න සංඛ්‍යාවක් කොව්ඩ 19 වයිරස ආසාදිතයන් අතරට පත්ව තිබෙන බවය.

Exit mobile version